Friday, January 16, 2026
Follow Us
ෆෙන්සේකා එළියට – කැලණිය රුවන්ට

එක්සත් ජාතික පක්ෂයේ කැලණිය ආසන්නයේ නව සංවිධායක ලෙස හිටපු රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන පත් කර ඇත.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් මෙම පත් කිරීම සිදු කර තිබේ. මෙතෙක් කල් කැලණිය ආසනයේ සංවිධායක ධුරය හෙබවූයේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාය. ඔහු ජාතික සමගි බලවේගය සමග එක්ව මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටියි. රුවන් විජේවර්ධන මීට පෙර බියගම ආසන සංවිධායක ලෙස කටයුතු කළේය.

කැලණිය ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක ධුරයේ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද කටයුතු කර ඇත. ජයවර්ධන පවුලේ ඥාතියකු වසර ගණනාවකට පසු කැලණිය ආසනයේ එ.ජා.ප. සංවිධායක ධුරයට පත්වීම ද විශේෂත්වයක් වෙයි.

(Lanka Leads)