කොවිඩ්-19 රෝගීන් හඳුනා ගැනීම සඳහා දෛනිකව සිදු කරනු ලබන පරීක්ෂණ ප්‍රමාණය ඉහළ නැංවිය යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
මාධ්‍යවෙත ප්‍රකාශයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කළේ දෙවන වටයේ වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා එමඟින් හැකිවනු ඇති බවයි.
එහදී වැඩිදුරටත් අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂය නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.
“දකුණු කොරියාව වැනි රටවල් අනුගමනය කළ. වැඩපිළිවෙළ ගැන අවධානය යොමු කරන්න. දිනකට සිදුවෙන්නේ පරික්ෂණ 1000යි. එය 3000 දක්වා ඉහළ දැමිය යුතුයි
දැනට වෛරස ව්‍යාප්තිය පාලනය වෙලා. දෙවන රැල්ළ ඇතිවීමේ අවස්ථාව තිබෙනවා. සමහර සෞඛ්‍ය වෘත්තීයවෙදීන් පවසන අන්දමට. රෝගීන් සමඟ සබන්ධ වූ පුද්ගලයින් 30,000ක් පමණ. එවැනි තත්ත්වයකට මුහුණ දීමට සූදානම් විය යුතුයි.“
(Lanka Leads)