Friday, January 16, 2026
Follow Us
කොමිසම ගැන විශ්වාසයක් නෑ, ජනාධිපතිතුමා වෙලාවට මැතිවරණය තියයි කියා හිතනවා - ෂෙහාන්

මැතිවරණ කොමිසම කෙරෙහි විශ්වාසයක් නැතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියමිත වේලාවට මැතිවරණය පවත්වා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට පියවර ගනු ඇතැයි තමන් විශ්වාස කරන බව හිටපු අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

"මැතිවරණ කොමිසම තුළත් දේශපාලනික වශයෙන් තීන්දු තීරණ ගන්න සමහර සාමාජිකයින් ඉන්නවා. එක සමාජිකයෙක් මැතිවරණය පැවැත්වීමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට පවා ගියපු අවස්ථා අපි දැක්කා.

හැබැයි අපිට විශ්වාසයක් තිබෙනවා ජනාධිපතිතුමා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න අවශ්‍ය සියලුම වැඩ කටයුතු නියමිත කාලයේදී සිදු කරයි කියලා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

ෂෙහාන් සේමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (19) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)