Monday, July 21, 2025
Follow Us
සජිත්ගේ ජන සුවයෙන් ලක්ෂ 32 ක රෝහල් උපකරණ පරිත්‍යාග කරයි

කොරෝනා උවදුරින් ව්‍යසනයට පත් රට, සුවපත් කිරීම අරමුණු කොටගෙන සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත දිවයින පුරා ක්‍රියාත්මක 'ජන සුවය' ව්‍යාපෘතිය මගින් රෝහල් උපකරණ තොගයක් පරිත්‍යාග කර තිබේ. මෙය එම සංවිධානය විසින් කොවිඩ් 19 වෛරසය තුරන් කිරීම වෙනුවෙන් ආරම්භ කර ඇති සමාජ සත්කාර වැඩසටහනෙහි දෙවැනි පියවර වන අතර අදාල රෝහල් උපකරණවල මුල්‍ය වටිනාකම රුපියල් ලක්ෂ 32 ඉක්මවයි.

මේ හරහා රට පුරා කොරෝනා ව්‍යසනයෙන් පීඩාවට ජනතාවගේ සෞඛ්‍යමය සුරක්ෂිතභාවය ඇති කිරීමට අපේක්ෂා කෙරේ.

මීට පෙර ඉකුත් 8 වෙනිදා මෙහි පළමු අදියර ලෙස රුපියල් ලක්ෂ තුනකට ආසන්න වටිනාකමක් සහිත අත්‍යවශ්‍ය රෝහල් උපකරණ කට්ටලයක් (Syringe Pump 3 ක්, Multi para monitor 2 ක්) සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් නැගෙනහිර කොළඹ (මුල්ලේරියාව) මූලික රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා වෙත පරිත්‍යාග කරනු ලැබීය.

මාතෘභූමියේ සියලු දෙනා සුවපත් නිරෝගී පිරිසක් ලෙස සිටිනවා දැකීම සිය ප්‍රාර්ථනය බවත් ප්‍රායෝගිකව මේ මොහොතේ කළයුතු දේ සිදුකිරීමට තමන් කැපවෙන බවත් සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

(LNW)