Monday, July 21, 2025
Follow Us
ආසාදිතයින් ගැන ආණ්ඩුවේ සංඛ්‍යාලේඛන විස්වාස නෑ. බුද්ධි අංශ වාර්තා හෙළි කරන්න - මනෝ

කොරෝනා වෛරස් ආසාදිතයින් සම්බන්ධයෙන් ආණ්ඩුව ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන විශ්වාසයට ගත නොහැකි බවත් මැතිවරණයක් පැවැත්වීමට ඇති හදිසිය නිසාම ආණ්ඩුව නිවැරදි සංඛ්‍යා හෙළිදරව් නොකරන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි.

"දැනට ආණ්ඩුව ඉදිරිපත් කරන ආසාදිතයින්ගේ සංඛ්‍යා පිළිබඳ අපට විශ්වාසයක් නැත ! අපට පමණක් නෙවෙයි මුළු රටටම විශ්වාසයක් නැත ! හැබැයි ඔප්පු කළා ආණ්ඩුවට තියෙන කැත හදිස්සිය. ඒ නිසාම මේ සංඛ්‍යාව එළිදරව් නොකරන්න වගබලා ගන්නවා ආණ්ඩුව.

මේක ජනතාව තේරුම් ගන්න ඕනෙ. පොලිසිය, හමුදා බුද්ධි අංශය 45000 සිට 50000ක් දක්වා ෆස්ට් කන්ටෑක්ට් (පළමු ස්පර්ශයකයින්) අයව හඳුනාගෙන තියෙනවා. නම් ගම් හඳුනාගෙන තියෙනවා. එතකොට ඒ අයව රටට කියන්න. ඉන් පසුව අපි කියපු විදියට විවෘත කරමු රටම.

අපටත් ඕනෙ නේ. හැමදාම මූණ වහගෙන ඉන්න ඕනෙත් නෑ, අපට මේ කඩ සාප්පු වහගෙන ඉන්න ඕනෙත් නෑ. මැතිවරණයකට යං අපි ඊට පස්සෙ, ප්‍රශ්නයක් නෑ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

මනෝ ගනේෂන් මහතා මේ බව පැවසුවේ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)