එළඹෙන මහ මැතිවරණය සම්බන්ධයෙන් තීරණයක් සඳහා කඩිනමින් සාකච්ඡාවක් කැඳවන්නැයි එක්සත් ජාතික පක්‍ෂයේ උප නායක හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායක මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරනවා.
ඒ, එහි සභාපති මහින්ද දේශපි‍්‍රය වෙත විශේෂ ලිපියක් යොමු කරමින්. එමගින් ඔහු දක්වා ඇත්තේ මැතිවරණයක් පැවැත්වීමේ සූදානමක් පිළිබඳ මේ වනවිට විවිධ වාර්තා පළ වෙමින් ඇති බවයි.
කෙසේවෙතත් මැතිවරණයක් පවත්වන්නේ නම් ඊට පෙර විසදා ගත යුතු වැදගත් කරුණු ඇති බව සිය ලිපිය මගින් හිටපු මන්තී‍්‍රවරයා පෙන්වා දෙනවා.
ඒ අනුව පක්‍ෂ නායකයින්ගේ සහ ලේකම්වරුන්ගේ හමුවක් කැඳවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර රවී කරුණානායක පෙන්වා දෙනවා.
කෙසේවෙතත් හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත් සදහන් කළේ රජයේ පූර්ණ වගකීම වී ඇත්තේ කොරෝනා වෛරසය මැඩපැවැත්වීම බවයි. දේශපාලන උවමනාවන් හේතුවෙන් ඇතැම් පිරිස් මැතිවරණ සම්බන්ධයෙන් විවිධ ප‍්‍රකාශ සිදුකළද රජයේ අපේක්‍ෂාව කොරෝනා වෛරසයෙන් රට බේරා ගැනීම බවයි ඔහු සදහන් කළේ.
(Neth)