Monday, July 21, 2025
Follow Us
ඊබ්‍රාහිම්ගෙ පුතා බෝම්බකාරයෙක් කියන්න කවුරුත් දන්නෙ නැතිනම් අපි දන්නේ කොහොමද ? - රිෂාඩ්

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අත් අඩංගුවේ පසුවන මොහොමඩ් ඊබ්‍රාහීම් මහතාවත් ඔහුගේ පුත්‍රයා මරාගෙන මැරෙන බෝම්බකරුවකු බව දැන නොසිටියේ නම් ඔහු සමඟ ව්‍යාපාරික කටයුත්තකට දුරකථන ඇමතුම් ගත් තමන්ගේ සහෝදරයා ඔහු ගැන දැනගන්නේ කෙසේදැයි රිෂාඩ් බදූර්දීන් මහතා ප්‍රශ්න කළේය.

තමන් දැනට විපක්ෂයේ සිටින බැවින් දේශපාලන හේතුවක් මත මෙසේ තම සහෝදරයාව අත් අඩංගුවට ගෙන ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.

"මම ඇමතිවරයා නිසා, මම දැන් විරුද්ධ පක්ෂෙ නිසා, මගේ සහෝදරයා නිසා තමා එයාට මේවගේ අසාධාරණයක් වුණේ. ඊබ්‍රාහීම් කියන්නෙ වැදගත් බිස්නස් මෑන් කෙනෙක්. පුතා ඉන්සාෆ් අහමඩ් කියන්නෙ එයාත් ලංකාවෙ අංක එකේ එක්ස්පෝටර් බිස්නස් කාරයෙක්. එයා බෝම්බකාරයෙක් වෙයි කියලා අපි කවුද දන්නෙ ?

බෝම්බ පුපුරනකල් කවුරුත් දන්නෙ නෑ. දැන් බෝම්බ පුපුරපු ඉන්සාෆ් අහමඩ්ගෙ නෝනාත් කියනවා එයාත් දැනගෙන හිටියෙ නෑ එයාගෙ මහත්තයා ඒවගේ වැරදි වැඩක් කරයි කියලා. එහෙම ඉන්නකොට මගේ සහෝදරයා හොඳම බිස්නස් කරන ව්‍යාපාරිකයෙක්. ඒ මනුස්සයා දුරකථනෙන් කතා කරලා තියෙනවා නම් එයාට කෝල් එකක් එයාගෙන් ඇවිල්ලා තියෙනවා නම් ඉන්සාෆ් අහමඩ්ගෙන් ඒක අවුරුද්දක් ගියාට පසුව ඇවිල්ලා එයා මේකට සමබන්ධ වුණා කියනවා නම් ඒක අසාධාරණ වැඩක්.

ඒනිසා පාස්කු ඉරිදා සිද්ධියට හෝ වෙන ත්‍රස්තවාදයකට හෝ මගේ සහෝදරයා හෝ අපි කිසිම සම්බන්ධයක් නෑ" යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය.

රිෂාඩ් බදූර්දීන් මහතා මේ බව පැවසුවේ ඊයේ (16) ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

(LNW)