පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා දිනයක් නියම කිරීමේ අවස්ථාව අප්‍රේල් 25 වනදායින් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
"අප්‍රේල් 25 වනදා වනවිටත් පාර්ලිමේන්තු මැතිවරණය නොපවත්වා තිබුණොත් පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 113 වන වගන්තිය යටතේ ඔන්න ජනාධිපතිතුමාට අවස්ථාව ලැබෙනවා මැතිවරණයට අලුත් දිනයක් නියම කරන්න. මැතිවරණයට නියම කර තිබුණු අප්‍රේල් 25 දිනය තවමත් පසුවී නැති නිසා මේ මොහොතේ ජනාධිපතිතුමාට කිසිම බලයක් නෑ දිනයක් නියම කරන්න" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
ඒ මහතා මේ බව සඳහන් කර තිබුණේ සමාජ මාධ්‍ය ජාල වෙත වීඩියෝවක් නිකුත් කරමිනි.
(LNW)