Monday, July 21, 2025
Follow Us
මහ ඡන්දයට පෙර සෞඛ්‍ය බලධාරීන්ගෙන් අහන්න මැතිවරණ කොමිසම තීරණය කරයි..

මහ මැතිවරණය පැවැත්වීමේ නව දිනය ප්‍රකාශයට පත් කිරීමට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමහ මැතිවරණය පැවැත්වීමේ නව දිනය ප්‍රකාශයට පත් කිරීමට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් ලබන සතියේ රැස්වීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.

කොවිඩ්-19 වෛරසය පාලනය කළ හැකි කාල වකවානුව තීරණය කිරීමෙන් පසු මැතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත් කිරීමට කොමිසම තීරණය කර තිබේ. බොහෝ දුරට මැයි මස අවසානයේ හෝ ජූලි මාසයේදී මැතිවරණය පැවැත්වීමට කොමිසමේ අවධානය යොමුකර ඇති බවද වාර්තා වෙයි.

මහ මැතිවරණය පැවැත්වීමේ දිනය ප්‍රකාශ කිරීමේ වගකීම කොමිෂන් සභාව සතු බව ජනාධිපතිවරයා මැතිවරණ කොමිසමට ලිපියක් මගින් දැනුම් දී ඇත.

aruna.lk