Friday, October 18, 2024
Follow Us
ගෝඨාභයගේ පෙත්සම් දෙකක් අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි

ඩි.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් රුපියල් මිලියන 33.9 ක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියට අදාල නඩුව සම්බන්ධයෙන් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් ලබා දුන් නියෝගයක් අත් හිටුවන ලෙසට ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමක් සහ රිට් පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (18) නියෝග කළා.

විනිසුරු අචල වෙන්ගප්පුලි සහ විනිසුරු අර්ජුන ඔබේසේකර මේ සම්බන්ධයෙන් නියෝගය ප්‍රකාශයට පත් කරමින් පවසා සිටියේ මෙම පෙත්සම් විභාග කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවයී. කෙසේවෙතත් අභියාචනාධිකරණයට මෙම පෙත්සම විමසීමට අධිකරනය බලයක් ඇති බවට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥවරයා තර්ක කර සිටියා.

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ලබා දුන් තීන්දුවක් සම්බන්ධයෙන් අධිකරණ සංවිධාන පනත යටතේ අභියාචන සිදු කළ යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයේ බව නීතිපතිවරයා තර්ක කර තිබුණි. ඒ අනුව නීතිපතිවරයාගේ කරුණු පිළිගනිමින් අභියාචනාධිකරණයට බලයක් නොමැති බවට අභියාචනාධිකරණය තීන්දු කළා. ඒ අනුව එම පෙත්සම් ගාස්තු රහිතව ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කලේ.

ඩි.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය නඩුව සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ජනවාරි මස 11 වනදා නිකුත් කළ නියෝගයට එරෙහිව ප්‍රතිශෝධන පෙත්සමක් හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් අභියාචනාධිකරණයේ ගොනු කරන ලදී .

(Neth)