Tuesday, February 17, 2026
Follow Us
දඩුවම මරණය : ඒත් දුමින්ද imo එක්ක වැඩ

හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා බන්ධනාගාරයේ සිට ඉමෝ මාධ්‍ය හරහා ව්‍යාපාර කරන බවට සමාජ මාධ්‍ය ජාල වෙත යොමුකරන්න නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක කටයුතු කර ඇත.

එම ජායාරූපය සමග රන්ජන් කියා ඇත්තේ “සිරගෙදර සිට,imo call එකකින් තම ව්‍යාපාර කරන, සුපිරි සිරකරුවෙක්, අඳුනනවාද බලන්න, ඡායාරූප අනුග්‍රහය, හිරගෙදර බුද්ධි අංශයෙන්“ යනුවෙන් ය.

හිටපු අමාත්‍ය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය කිරිම සම්බන්ධව දුමින්ද සිල්වා මේ වන විට මරණ දඩුවම ලබා සිටියි.

(News Tube)