Friday, October 18, 2024
Follow Us
තවත් ජනාධිපතිවරණ අපේක්ෂකයෙක්!

ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වයට තමන්ටද සුදුසුකම් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

මෙතෙක් කිසිදු පක්ෂයකින් ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් තෝරා නොමැති නමුත් ඉදිරි මාසයක වැනි කාලයකින් පසු එම අපේක්ෂකයන් පිළිබඳ ප්‍රකාශ කරනු ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

තමන් වසර 38ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරයෙක් වශයෙන් කරයුතු කරන අතර වසර 25ක් මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර ඇති හෙයින් අත්දැකීම් රැසක් ඇති පුද්ගලයෙකු වශයෙන් ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසුකම් ඇති බව මන්ත්‍රීවරයා කියා සිටියි.

එහෙත් තමන්ව තෝරා ගැනීම සම්බන්ධයෙන් අදහස් නොදක්වන බවද හෙතෙම පවසයි.

ඊයේ (17) පයාගල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මන්ත්‍රීවරයා මෙම අදහස් පළකර තිබේ.

මේ වන විට ජනාධිපතිවරණ අපේක්ෂයන් පිළිබඳ කතාබහ වැඩිවෙමින් පවතින අතර එක්සත් ජාතික පක්ෂය දෙස වැඩි අවධානයක් යොමුව තිබේ.

එහත් ජනාධිපතිවරණය නිවේදනය කරන තුරු ඒ සම්බන්ධයෙන් තවදුරටත් කතා නොකරන ලෙස සිය මන්ත්‍රී කණ්ඩායමට වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇත.

මේ අතර වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන අතර එක්සත් ජාතික පක්ෂයේ සුදුසු අපේක්ෂකයෙකුට සහය දැක්වීම පිළිබඳ සලකා බලන බව ප්‍රකාශ කර තිබුණි.

එහෙත් ශ්‍රීලනිප තවදුරටත් පවසමින් සිටින්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට යළි ඉදිරිපත් විය යුතු බවයි.

කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාට අවස්ථාවක් නොදෙන බවට පොහොට්ටුව නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු පිරිසක් අවධාරණය කර තිබේ.

මේ සියලු අපේක්ෂකයන් මැදට ජනතා විමුක්ති පෙරමුණද අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

මෙම සියලු දේශපාලන අභිබවමින් පක්ෂ දේශපාලනයෙන් තොර අලුත් මුහුණක් පොදු අපේක්ෂකයා ලෙස ගෙන එම සම්බන්ධයෙන් ද දැන් සංවාදයක් ගොඩනැගී ඇත.

(LNW)