Friday, October 18, 2024
Follow Us
ගෝඨාභයගේ ඇමරිකා පුරවැසිකම අහෝසි කිරීමේ ලේඛණ මා ඇසින් දුටුවා.

හිටපු අමත්‍ය රිෂාඩ් බදියුඩීන් මහතාට එරෙහිව ගොනු කළ පැමිණිල්ලේ වැඩිදුර විභාගය සඳහා පොලිස් මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසයට පැමිණීමෙන් අනතුරුව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මාධ්‍ය වෙත මෙසේ අදහස් පළ කළේය.

මා කියන දේ විශ්වාස කරන්න. මම ඇස් හතරින් බලන කෙනෙක්. මේ ඇස් හතරට මම දැක්කා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගැනීමේ ලිපි ලේඛන. එතුමාට කිසිම ප්‍රශ්නයක් නැතුව ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නට පුළුවන්. කිසිම නීතිමය හෝ දේශපාලන බාධාවක් නැහැ.

පසුගිය සති අන්තයේ මාධ්‍ය වල පට්ටපල් බොරු දෙකක් වාර්තා වුණා. පළවෙනි බොරුව තමයි අනාගතයේ බිහිවෙන ජනාධිපතිට වත්මන් ජනාධිපතිට තියෙන බලතල වලින් සාතිශය බහුතරයක් නෑ. ඒ නිසා නිකමෙක් පත් කරගන්නට මෙතරම් මුදලක් වැය කරන්නේ ඇයි කියලා මාධ්‍ය සාතිශ්‍ය බහුතරයක ප්‍රශ්න කරලා තිබුණා. මේකපට්ටපල් බොරුවක්. වත්මන් ජනාධිපතිතුමාට තිබෙන සියලුම බලතල අනාගත ජනාධිපතිතුමාටත් ඒ ආකාරයෙන්ම තියෙනවා.

විශේෂයෙන්ම කියන්න ඕන සමහරු කියනවා ඇමතිධූර දරන්න බෑ කියලා. මම ප්‍රශ්න කරන්න කැමතියි අනාගත ජනාධිපතිතුමාට ආරක්ෂක අමත්‍යධුරය හැරුණු කොට වෙනත් අමත්‍යධුරයක් දරන්න බැහැ කියලා ව්‍යවස්ථාවේ කොතනද තියෙන්නෙ කියලා. වත්මන් ජනාධිපතිතුමාට එතුමා ධුරයේ සිටින තෙක් මහවැලි සංවර්ධන විෂය සහ පරිසර විෂය තිබිය යුතුයි කියලා තිබුනාට ඊළඟ ජනාධිපතිට කිසිම විෂයක් දරන්න බෑ කියලා සඳහන් වෙන්නේ කොතැනද? ඒ වගේම කලින් හිටපු ජනාධිපති ඒ කියන්නේ 19 වැනි සංශෝධනයට කලින් හිටපු ජනාධිපති දැන් ඉන්න ජනාධිපති අතර මහ බරපතල වෙනසක් නෑ. ජනාධිපතිවරයාට තිබුණු බලතල තුනක් පමණයි දහ19වැනිසංශෝධනයෙන් අයින් කළේ.

01. ඇමතිවරුන් නම් කිරීමේදී අගමැතිවරයාගේ නිර්දේශ මත කටයුතු කළ යුතුයි.
02. වසරකින් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වසර හතරහමාරක් දක්වා කල් ගියා.
03. පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කරන පනත් කෙටුම්පතක් සෘජුවම ජනමත විමසුමකට යොමු කිරීමට ජනාධිපතිවරයාට තිබුණු බලය ඉවත් වුණා.

මේ ටික පමණයි වෙනස් වුණේ. අනාගත ජනාධිපතිට බලයක් නෑ කියලා පාළු ගෙවල් වල වළං බිඳින ඊනියා නීති විශාරදයන්ට මම අභියෝග කරනවා එන්න මාත් එක්ක සංවාදයකට. ඇවිත් ඕවා ව්‍යවස්ථාවේ කොතනද තියෙන්නේ කියලා අපිට පෙන්නලා දෙන්න කියලා.

(Lanka Leads)