Sunday, July 20, 2025
Follow Us
ආපදා අවස්ථාවේ දේශපාලන වාසි ගන්න එපා – මැතිවරණ කොමිෂන් සභාව

කොවිඩ් – 19 නව කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේදී දේශපාලන ප්‍රවර්ධන කටයුතු සිදු කිරීමෙන් වළකින ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටී.

පීඩාවට පත්ව සිටින පිරිසට ආධාර ලබාදෙන පාර්ශ්ව අතරින් දේශපාලනඥයන් සුළු පිරිසක්, ආධාර ලබාදීම පිළිබඳව ඡායාරූප ජනමාධ්‍ය සහ සමාජ ජාලා මගින් ප්‍රචාරය කරමින් දේශපාලනමය වාසියක් ලබා ගැනීමට කටයුතු කරන බවට නිරීක්ෂණය වී ඇතැයිද මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මුළු මහත් සමාජයම ඉමහත් කැපවීමකින් කොවිඩ් – 19 වසංගතය පරාජය කිරීමට සටන් කරන මොහොතක මෙවැනි ලාභ ප්‍රචාරණ ලබා ගැනීමට කටයුතු කිරීම යෝග්‍ය නොවන බවද එම කොමිෂන් සභාව පවසයි.

(Lanka Leads)