Friday, October 18, 2024
Follow Us
ඇමති ධූරවලින් ඉවත්වූ 06 දෙනෙක් අද සිට පසුපෙළ අසුන්වල – තිදෙනෙකුගේ වෙනසක් නෑ

අමාත්‍ය ධූරවලින් ඉවත් වූ මුස්ලිම් නියෝජිතයන් සිය ධූර සම්බන්ධයෙන් අද (18) අවසන් තීරණයක් ගැනීමට නියමිතය.

හිටපු අමාත්‍ය අබ්දුල් හලීම් ඉකුත්දා ප‍්‍රකාශ කළේ සිය මන්තී‍්‍ර කණ්ඩායම පාර්ලිමේන්තුවේදී අද රැස්වී ඒ පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බවයි. ඒ අනුව බොහෝ දුරට කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් යන මන්තී‍්‍රවරුන් අද යළි අමාත්‍ය ධූර භාරගනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.

මේ අතර අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් මන්තී‍්‍රවරුන් 6 දෙනෙකුට අද සිට පාර්ලිමේන්තු සභා ගර්භයේ පසුපෙළ අසුන් පනවා තිබේ. ඒ ඔවුන් සිය අමාත්‍ය ධූර වලින් ඉල්ලා අස්වීමේ ලිපි කථානායකවරයා වෙත ලැබී තිබීම හේතුවෙනි. ඒ අනුව ඔවුන් ජ්‍යෙෂ්ඨත්ත්වය අනුව ආණ්ඩු පක්ෂයේ අසුන් ගනු ඇත.

කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය කබීර් හෂීම්, ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක හිටපු අමාත්‍ය රාවුෆ් හකීම් සහ සමස්ත ලංකා මහජන කොංග‍්‍රසයේ නායක හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගේ ඉදිරි පෙළ අසුන්වල වෙනසක් සිදු නොවන බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සදහන් කරයි.

(Lanka Leads)