Sunday, January 18, 2026
Follow Us
අපේ දේශපාලන නායකත්වය නොතිබුණා නම් රාජ්‍ය සේවයට කොරෝනා මර්ධනය කරගන්න බෑ - විමල්

කොරෝනා මර්ධනය සඳහා දේශපාලන නායකත්වය ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලන නායකත්වයට ස්තූතිවන්ත විය යුතු බව අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.

"ත්‍රිවිධ හමුදාව, රාජ්‍ය නිලධාරීන්, සෞඛ්‍ය අංශයේ සියලු දෙනාටම ස්තූතිවන්ත වෙනවා වගේම රාජ්‍ය නායකත්වයටත් ඒවගේම ගරු අග්‍රාමාත්‍යතුමන් ඇතුළු ඒ දේශපාලන නායකත්වය සපයන එතුමන්ලාට අපි අපේ ස්තූතිය විශේෂයෙන්ම පුදකරනවා, මොකද ඒ නායකත්වය නොලැබුණා නම් මං හිතන්නෙ නෑ අපේ රාජ්‍ය සේවය තිබුණු තැනත් එක්ක බැලුවාම මේක මේ විදියට මෙහෙයවා ගන්න පුළුවන් වෙයි කියලා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ පෙරේදා (02) අරලියගහ මන්දිරයේ පැවති සර්ව පාක්ෂික හමුව අමතමිනි.

(LNW)