Friday, October 18, 2024
Follow Us
එජාප පාර්ලිමේන්තු කණ්ඩායමට අගමැතිගෙන් අවවාද

ජනාධිපතිවරණයක් මෙතෙක් ප‍්‍රකාශයට පත් කර නොමැති බැවින් සිය පක්‍ෂයේ අපේක්‍ෂකයා පිළිබඳ නම් ප‍්‍රකාශ කිරීමට හදිසි නොවන්නැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායමට ප‍්‍රකාශ කර තිබෙනවා.

ඒ, ඊයේ (17) රාත්‍රියේ අරලියගහ මන්දිරයේ පැවති එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායම් රැස්වීමේදීයි.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව පිටතට පැමිණි රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම සඳහන් කළේ "අගමැතිතුමා දුන්න අවවාදය තමයි 'ජනාධිපති අපේක්ෂක හොයන වේලාව නෙමෙයි මේක. 2015 ජනවාරි 08 වැනිදා දීපු පොරොන්දුව ඉටු කරන වේලාව.. යම් අතපසුවීමක් සිද්ධ වුණා බෝම්බ සිද්ධිය නිසා.. දැන් වැඩ කරලා ඒ ඉලක්ක සම්පූර්ණ කරන්න..ඊට පස්සේ අපි ජනාධිපතිවරණය ගැන කථා කරමු' කියලා." යනුවෙනි.

(Neth)