Sunday, January 18, 2026
Follow Us
ජුනි 2ට පෙර නව පාර්ලිමේන්තුව රැස් නොවුණොත් ව්‍යවස්ථා අර්බුදයක් මැතිවරණ කොමිසම කියයි

ජුනි මස 02 වැනි දිනට පෙර නව පාර්ලිමේන්තුව රැස් වීමට නොහැකි වුවහොත් ව්‍යවස්ථාමය ගැටලුවක් ඇති විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර වෙත යොමු කළ ලිපියක මේ බව සඳහන් වෙයි.

අප්‍රේල් මස 25 වන දින මැතිවරණය පැවැත්විය නොහැකි තත්ත්වයක් මේ වන විට මතුව ඇත. ඒ පාර්ලිමේන්තුව රැස්වීමේ නව දිනයක් ජනාධිපතිවරයා විසින් ගැසට් පත්‍රයකින් නිවේදනය කළ යුතුව ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන අනුව එම දිනය පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද දිනයෙන් මාස තුනකට පසු දිනයක් නොවිය යුතුය එබැවින් නව පාර්ලිමේන්තුව ජුනි මස 01 දාවත් රුස් විය යුතුව තිබේ. එසේ නම් මැතිවරණය මැයි 27 හෝ 28 වත් පැවැත්විය යුතුය. ඒ සදහා සංවිධාන කටයුතු මෙම 20 වැනිදාවත් ආරම්භ කළ යුතු තිබේ.

පවතින තත්ත්වය අනුව එම දිනවල මැතිවරණ කටයුතු සිදු කිරීමේ අපහසුතාව මැතිවරණ කොමිසම පෙන්වා දෙයි.

(Lanka Leads)