Sunday, July 20, 2025
Follow Us
ආණ්ඩුවත් එජාපයත් ඒකාබද්ධ ප්‍රකාශයක් සකස් කළා, ඉක්මනින් ප්‍රසිද්ධ කරනවා - රවී

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ඊයේ (01) පැවති සාකච්ඡාවේදී ආණ්ඩුවත් එක්සත් ජාතික පක්ෂයත් එක්ව ඒකාබද්ධ ප්‍රකාශයක් ඉදිරිපත් කළ බවත් වැඩි කලක් ගතවීමට පෙර එය ප්‍රසිද්ධියට පත්කරන බවත් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

"අපේ සැපයුම් ජාලයේ යම් ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනවා. ඒ සැපයුම් ජාලයේ ප්‍රශ්නය කොහොමද අපි නිරාකරණය කරන්නේ, කොහොමද අහිංසක එදිනෙදා ජීවිතයක් ගතකරන අයට කොහොමද අපි මේ බඩු ගන්න පුළුවන් අවස්ථාව ඇතිකරන්නේ, බෙහෙත් ප්‍රශ්නය සහ ස්වයං රැකියා කරන ක්ෂේත්‍ර ගණනාවක් ඉන්නවා කොහොමද ඒ සියලුම අය ජීවත් කරන්නෙ ... ආණ්ඩුවෙ අදහස් ඉදිරිපත් කළා, අප ජනතාව වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය අපි පෙන්නලා දුන්නා.

අපට පෙන්නුවා ලක්ෂ 63ක පවුල් ප්‍රමාණයක් තියෙනවා, ඒකෙන් ලක්ෂ 53කට වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා තියෙනවා. ආණ්ඩුවත් එක්සත් ජාතික පක්ෂයත් අපි ජොයින්ට් ස්ටේට්මන්ට් එකක් ඉදිරිපත් කරා, ඒක වැඩිකල් යන්න ඉස්සෙල්ලාට ඔබතුමාට අපි ප්‍රසිද්ධ කරනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

රවී කරුණානායක මහතා මේ බව පැවසුවේ ඊයේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා සහ ආණ්ඩුවේ ඉදිරි පෙළ අමාත්‍යවරුන් පිරිසක් සමඟ පැය තුනක පමණ කාලයක් තිස්සේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

(LNW)