Sunday, July 20, 2025
Follow Us
ආගම,සංස්කෘතියට පෙර ආරක්ෂාවට මුල් තැන දෙන්න!

මේ මොහොතේ කළ යුතුව තිබෙන්නේ එක් එක් ජන ප්‍රජාවගේ ආගමික හා සංස්කෘතික වුවමනාවන් මුල් කරගෙන කටයුතු කිරීම නොව ආරක්ෂාවට මුල් තැන දෙමින් කටයුතු කිරීම බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අවධාරණය කළේය.

ඔහු මේ බව සඳහන් කළේ අද (01) සමාජ මාධ්‍ය හරහා කොවිඩ් 19 හේතුවෙන් රට තුළ මතුව තිබෙන අභියෝග ගැන අදගස් දක්වමිනි.

ජන ප්‍රජාවන්ගේ ආගමික විශ්වාසයන්ට හා සංස්කෘතීන්ට වඩා මේ මොහොතේ රෝගයේ භයානකකම වැඩි බවයි ඔහු කියා සිටියේ.

"එක් එක් ජන ප්‍රජාවන්ගේ ආගමික විශ්වාසයන්ට, සංස්කෘතීන්ට ගරු කළ යුතුව තිබෙනවා. නමුත් මේ මොහොතේ ඒ සියල්ල වඩා මේ රෝගයේ භයානකකම වැඩියි. ඔක්කොටම වඩා මිනිස්සු ජීවත් වෙන්න ඕනේ. රෝගයේ භයානකකම වැඩි නිසා අපි හිතනවා අසනීප වුනාම, බෙහෙත් ගන්න කොට මරණයක් වුනාම ඒවා කළයුතුව තිබෙන්නේ ආගමික හා සංස්කෘතික වුවමනාවන් මුල් කර ගෙන නොවෙයි වෛද්‍ය ක්ෂේත්‍රය පැත්තෙන් ගත්තොත් ආරක්ෂාව මුල් කරගෙන. ඒ නිසා ආරක්ෂාවට මුල් තැන දීලා කටයුතු කළයුතුව තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ උපදෙස් තිබෙනවා."

එම උපදේශ, නිර්දේශ සැලකිල්ලට ගනිමින් ඒවත් යොදාගනිමින් ජනතාවගේ ආරක්ෂවට අංක එක දෙමින් ආගමික,සංස්කෘතික දේවල දෙසද බලා ඒ වෙනුවෙන් පොදු වැඩපිළිවෙලක් ආණ්ඩුව පාර්ශවයෙන් සකස් කළ යුතු බවද ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

(LNW)