Sunday, January 18, 2026
Follow Us
පක්ෂ නායකයන් යළි හෙට රැස්වෙයි

කොවිඩ් 19 වෛරසය හේතුවෙන් රටතුළ උද්ගතව ඇති තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායකයන් හෙට (02) යළි රැස්වීමට නියමිතය. ඒ අනුව හෙට පෙරවරු 10 අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී මෙම සාකච්ඡාව පැවැත්වේ.

මේ වනවිට කොවිඩ් 19 මර්දනය වෙනුවෙන් ගෙනඇති පියවර සම්බන්ධයෙන් පක්ෂ නායකයන් දැනුවත් කිරීමට නියමිතය. මීට අමතරව පළමු පක්ෂ නායක රැස්වීමේදී ගත් තීන්දු සම්බන්ධයෙන් පසුවිපරමක් සිදු කිරීමට ද නියමිතය.

(LNW)