Friday, October 18, 2024
Follow Us
එජාප පසුපෙළ හෙළිදරව්වකට සැරසේ – දැඩි තීන්දුවක් ගන්නත් සූදානම්

ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු සිදු කරන මහා පරිමාණ මංකොල්ලයක් පිළිබඳ හෙට (18) දිනයේ පාර්ලිමේන්තුවේදී අනාවරණයක් සිදු කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඉන් අනතුරුව දේශපාලනික වශයෙන් දැඩි තීන්දුවක් ගන්නා බවය.

ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ පසුපෙල මන්ත‍්‍රීවරුන්ගේ ද එකඟතාව පළ වී ඇති බවත්, තම පක්ෂයේ අමාත්‍යවරයෙකු වුවද ඔහුගේ ක‍්‍රියාවට එරෙහිව පියවර ගැනීමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

(Lanka Leads)