Friday, October 18, 2024
Follow Us
ජනාධිපති සහ එජාප ආණ්ඩුව අතර එකඟතාවයක්

ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව අතර යම් එකඟතාවක් ඇති වී තිබෙනවා.

ඒ සඳහා මැදිහත්කරුවන් ලෙස කටයුතු කර ඇත්තේ අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න සහ රවී කරුණානායකයි.

එහි ප‍්‍රතිඵලයක් ලෙස ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් හෙට (18) දිනයේ කැබිනට් රැස්වීම පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

ජනාධිපතිවරයා හා අග‍්‍රාමාත්‍යවරයා අතර යම් විරසකයක් පවතින බව ඉකුත් සමයේ වාර්තා වුණා. මේ වනවිට ඔවුන් දෙදෙනා අතර ඇතැම් කරුණු සම්බන්ධයෙන් යම් එකඟතාවක් ගොඩනැගී තිබෙනවා. එය ආණ්ඩුවේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට ඉවහල් වනු ඇති බවයි ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු නෙත් නිවුස් වෙත කියා සිටියේ.

හෙට පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීම සඳහා මේ වනවිටත් අමාත්‍යවරුන්ට නිල වශයෙන් දැනුම් දීම් සිදු කර ඇති බව නෙත් නිවුස් මීට පෙරත් වාර්තා කළා. ජනාධිපතිවරයා සහභාගී නොවීම හේතුවෙන් ඉකුත් සතියේ සුපුරුදු කැබිනට් රැස්වීම පැවැත්වුණේ නැහැ.

(Neth)