Friday, October 18, 2024
Follow Us
අපි තනිවම අරගල කරනවා…මින් ඉදිරියට අපේ සහාය කාටවත්නෑ – හකීම්

මුස්ලිම් ප්‍රජාව ඉදිරි මැතිවරණ නීති කවර පාර්ශවයකට හෝ ඡන්ද දීමට සූදානමක් ඇතැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් පවසයි’

ඔහු සදහන් කරන්නේ මින් ඉදිරියට තමන් තනි අරගලයකට සූදානම් බවය.

ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පවසා ඇත.

‘‘ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු රටේ ඇතිවූතත්වයන් හමුවේ අමාත්‍යධූරවලින් ඉවත්වීම හැර ඉවත් වීම හැර වෙන විකල්පයක් තිබුණේ නැහැ. මුස්ලිම් ඇමැතිවරු සියලු දෙනා තමන්ගේ අමාත්‍ය ධුරයෙන් ඉවත් වුණේ ඉතිහාසයේ ප්‍රථම වතාවටයි.එතනදි කිසිදු පක්ෂ , පාට භේධයක්තිබුනෙ නෑ. මේ අවස්ථාවේ වැදගත් වුනේ මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාවයි.

විපක්ෂයට අවධාරණය කළ යුතු යමක් තියෙනවා.මින් ඉදිරියට අපි කාටවත් ඡන්දය දෙන්න සූදානම් නෑ දේශපාලනික වශයෙන් අපි තනිව තරග කිරීමට සූදානම්. අපි වෙනම දේශපාලන සන්ධානයක් ලෙස මැතිවරණ ඉදිරිපත් වනු ඇතැයි බියක් පක්ෂයට ඇති වී තිබෙනවා. අපි ඉවතිවුනේ නැත්නම් අපේ ජනතාව තවත් අසරණ වෙනවා.‘‘

(Lanka Leads)