Wednesday, April 24, 2024
Follow Us
ආණ්ඩුවේ මාධ්‍ය වාරණයට එරෙහිව ආණ්ඩුවේම මන්ත්‍රීවරයෙක් ඉදිරියට

රට පුරා සිදු කෙරෙන සෝදිසි මෙහෙයුම් සම්බන්ධයෙන් ප‍්‍රවෘත්ති වාර්තා කිරීමට ජනමාධ්‍යයන්ට සීමා පැනවීම කිසිසේත් අනුමත නොකරන බව ආණ්ඩුවේම පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු වන කාවින්ද ජයවර්ධන පවසනවා. මෙම සීමා වහාම ඉවත් කරන ලෙසයි ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේම තවත් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු වන මහාචාර්ය ආශු මාරසිංහගෙන් ද විමසීමක් කළා.

ති‍්‍රවිධ හමුදාව, පොලීසිය, පොලිස් විශේ්ෂ කාර්යය බලකාය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව රටපුරා තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදුකරමින් සිටිනවා.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු ආරම්භ කෙරුණු මෙම මෙහෙයුම් පිළිබද ආරම්භයේ සිටම සියලූ තොරතුරු වගකීමෙන් යුතුව නිවැරදිව හා ඉක්මනින් වාර්තා කිරීමට නෙත් නිවුස් කටයුතු කළා. එහෙත් මාධ්‍ය ප‍්‍රධානින් සමග ඊයේ පැවැති හමුවකදී රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ මෙම සෝදිසි මෙහෙයුම් වලදී සොයා ගන්නා දෑ පිළිබද ඔවුන් විසින් ලබාදෙන තොරතුරු හැර වෙනත් කිසිදු තොරතුරක් වාර්තා නොකරන ලෙසයි.

ඒ අනුව රටපුරා කෙරෙන මෙහෙයුම් වලදී සොයා ගන්නා දෑ පිළිබද රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන තොරතුරු හැර වෙනත් කිසිදු තොරතුරක් වාර්තා කිරීමට නෙත් නිවුස් මින් ඉදිරියට කටයුතු නොකරන බව කරුණාවෙන් සලකන්න.

(Neth)