Friday, October 18, 2024
Follow Us
ඇමති ධුරවලින් ඉවත් වු මන්ත්‍රිවරුන්ට පසුපෙළ අසුන් පැනවෙයි

අමාත්‍ය ධුර වලින් ඉවත් වු මන්ත්‍රීවරුන් සඳහා හෙට(18) දිනයේදී පාර්ලිමේන්තුවේ පසුපෙළ අසුන් පනවන බව පාර්මේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහා පවසයි.

කෙසේවෙතත් මන්ත්‍රීවරුන් තිදෙනෙකුට පමණක් සුපුරුදු පරිදි ඉදිරි පෙළ අසුන් පනවන බව ඔහු සඳහන් කළේය.

පක්ෂ නායක රැස්වීමේදි ගත් තීරණයකට අනුව හිටපු අමාත්‍යවරුන් වන එක්සත් ජාතික පක්ෂ සභාපති කබීර් හෂිම්, ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම්, සමස්ත ලංකා මහජන කොංග්‍රස් නායක රිෂාද් බදියුදීන් යන මන්ත්‍රීවරුන්ට ඉදිරි පෙළ අසුන් පැනවීමට තීරණය කර තිබේ.

ඒ අනුව සෙසු මන්ත්‍රිවරුන්ට ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය මත පසුපෙළ ආසන හිමිවනු ඇති බව වාර්තා වෙයි.

ඇති වු අර්බුදකාරී තත්වය මත මුස්ලිම් අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් එම ධුරවලින් ඉවත් වීමට පසුගියදා පියවර ගත්තේය.

එම ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය මේ වනවිට පාර්ලිමේන්තුව වෙත ලැබී ඇති බවයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරීවරයා සඳහන් කළේය.

ඒ අනුව මෙම ආසන පැනවීම් සිදුකරන බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

(Lanka Leads)