Friday, October 18, 2024
Follow Us
රවුෆ් හකීම් ජාත්‍යන්තරයට බොරු කියයි

ඉකුත්දා අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවුෆ් හකීම් ජාත්‍යන්තර මාධ්‍ය වෙත අදහස් දැක්වීමේදී ඇතැම් කරුණු සඟවා ඇතැයි විද්වත්හු පෙන්වා දෙති.

කළමනාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය පෙන්වා දෙන්නේ පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ තමන් කටයුතු කරන බවට පවා රවුෆ් හකීම් මන්තී‍්‍රවරයා ජාත්‍යන්තර මාධ්‍ය වෙත හෙළි නොකළ බවය.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී රාජ්‍ය නිලධාරීන්ගෙන් ප‍්‍රශ්න කළ ආකාරය සම්බන්ධයෙන් මතුවී ඇති මතභේදාත්මක තත්ත්වය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පවසා ඇත.

ඉකුත්දා ආණ්ඩුවෙන් ඉවත් වු රවුෆ් හකීම් මන්තී‍්‍රවරයා පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සමග සම්බන්ධවීමද ගැටළු සහගත බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

(Lanka Leads)