ශ්රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ මහ ලේකම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාතෘ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය නිවෙසේ සිටම ස්වයං නිරෝධායනයකට පත් වී සිටින බව වාර්තාවේ.
ඔහු එසේ කටයුතු කරන්නේ තමන්ගේම අදහසක් මත වන අතර බත්තරමුල්ලේ ඔහු සිටින නිවසට වී නිරෝධායනයේ නිරත වන්නේ යයි වැඩිදුරටත් සඳහන්වේ.
ආසන්න දිනවල දී ඔහු විශාල ජන සමූහයක් සමග කටයුතු කළ නිසා මෙසේ ස්වයං නිරෝදායනය වීමට තීරණය කර තිබේ.
තම නිවසට යන එන පිරිස් සම්පුර්ණයෙන්ම වලක්වා ඇති අතර නියමිත දින ගණන ඔහු මෙසේ ගත කරනු ඇති බවද ආරංචි මාර්ග පවසයි.
(Lanka Leads)