Sunday, January 18, 2026
Follow Us
පොහොට්ටු පක්ෂ මූලස්ථානය වසා දැමේ

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ පක්‍ෂ මූලස්ථානය අද (20) සිට නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට තීරණය කර තිබේ. රටේ උද්ගත වී ඇති තත්ත්වය මත කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීම උදෙසා රජය විසින් ගෙන ඇති කි‍්‍රයාමාර්ගවලට අනුකූලවෙමින් මෙම තීරණය ගෙන ඇති බවයි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම්ගේ අත්සනින් නිකුත් කෙරුණු නිවේදනයක දැක්වේ.

මෙම කාලය තුළ පක්‍ෂ මූලස්ථානයේ සියළු අංශ වසා තැබෙන බවත්, මාධ්‍ය අංශය පමණක් සීමිත කාර්ය මණ්ඩලයක් යටතේ ජනතාව දැනුවත් කිරීමේ කාර්යය උදෙසා අවශ්‍ය අවස්ථාවන්හිදී පමණක් කි‍්‍රයාත්මකව පවතිනු ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.

(Lanka Leads)