Sunday, June 28, 2026
Follow Us
කොඩියෙන් ඉල්ලූ ඥානසාර හිමිගේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වෙයි

කොඩිය ලකුණෙන් අපේ ජන බල පක්ෂය විසින් කුරුණෑග දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වී තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ අපේක්ෂකයන් ඉදිරි පත් කළ දිවුරුම් ප්‍රකාශ දෝෂ සහිත වීමයි.

මීට අමතරව ස්වාධීන කණ්ඩායම් දෙකක් විසින් කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර ද ප්‍රතික්ෂේප වී තිබෙනවා.

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ නායකත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා අපේ ජන බල පක්ෂය නාමයෝජනා භාර දී තිබිණි.

(LNW)