Sunday, January 18, 2026
Follow Us
කැබිනට් මණ්ඩලය මහමැතිවරණය වෙනුවෙන් රුපියල් කෝටි 800ක් වෙන්කරයි

මහමැතිවරණයේ වියදම් අඩුවකින් තොරව මැතිවරණ කොමිෂන් සභාව වෙත ගෙවීම සඳහා රුපියල් බිලියන 8ක මුදලක් වෙන්කිරීමට කැබිනට් මණ්ඩලය ඊයේ (18) දිනයේදී තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.

ප්‍රජාතන්ත්‍රවාදය නීරෝගීව පැවතීමට නම් මැතිවරණ පැවැත්වීම අවශ්‍ය බවයි ඒ මහතා එහිදී සඳහන් කළේ.

බන්ධුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ අද (19) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

(LNW)