Friday, October 18, 2024
Follow Us
මීළඟ ජනපතිට ඇමැතිකම් බැහැ

2020 ජනාධිපතිවරයා ලෙස පත්වන අයට එම තනතුරු හැර කිසිදු අමාත්‍යාංශයක වගකීමක් දැරීමේ බලය 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් අහුරා ඇත.

ඒ අනුව වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහවැලි පරිසර සහ ආරක්ෂක අමාත්‍ය ධුරය දැරුවද මින් පසුව පත්වන ජනාධිපතිවරයාට එවැනි ඇමැති ධුරයක් දැරිය නොහැකි වනු ඇත.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 51 වැනි වගන්තිය අනුව ‘‘ධුරයේ සිටින ජනාධිපතිවරයා ඇතැම් විෂය හා කර්තව්‍යය ??? සිටීම’’ යන ඡේදයේ සඳහන් වන්නේ පනත ආරම්භ වන දිනයේ සිට ජනාධිපතිවරයා ධුරය දරන තාක් රාජ්‍ය ආරක්ෂාව හා මහවැලි හා පරිසර යන අමාත්‍යාංශවල බලය හිමිවන බවයි.

ඒ අනුව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව 43 වගන්තියේ අමාත්‍යවරුන් සහ ඔවුන්ගේ විෂය සහ කාර්ය යටතේ සඳහන් වන්නේ අගමැතිවරයාගේ විෂය ඇමැති මණ්ඩලයේ විෂයයන් සම්බන්ධයෙන් කටයුතු කළ යුතුය යන්නය.

(Aruna)