Friday, October 18, 2024
Follow Us
ඉල්ලා අස් වූ ඇමැතිවරු පක්ෂ සමග සාකච්ඡා අරඹති

ඇමැති ධුරවලින් ඉල්ලා අස්වූ ආණ්ඩුවට සම්බන්ධ මුස්ලිම් මන්ත්‍රීවරුන් ඉදිරියේදී පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කිරීමට තීරණය කොට තිබේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකට හිටපු රාජ්‍ය ඇමැති ඒ.එච්.එම්. ෆවුසි ප්‍රකාශ කළේ ඇමැති ධුරවලින් ඉල්ලා අස්වීමට හේතු වූ කරුණු හා ඉදිරියේදී ගනු ලබන ස්ථාවරය පිළිබඳ පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කිරීමට නියමිත බවය.

එහි පළමු සාකච්ඡාව ද්‍රවිඩ ජාතික සන්ධානය සමග ජුනි මස (18වැනිදා) පැවැත්වීමට නියමිත බවද ඔහු ප්‍රකාශ කළේය.

(Aruna)