Sunday, January 18, 2026
Follow Us
සජිත් කොළඹට නාම යෝජනා අත්සන් තබයි

සමගි ජන බලවේගයේ නායක, අගමැති අපේක්ෂක සජිත් ප්‍රේමදාස එළැඹෙන මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව ඔහු කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් නාම යෝජනා අත්සන් කිරීම අද (18දා) පෙරවරුවේ සිදුවිය.

ඔහු පසුගිය මහ මැතිවරණයට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තරඟ කරනු ලැබීය.

වසර 20කට අධික කාලයක් ඔහු තරඟ කළේ හම්බන්තොටිනි

(Lanka Leads)