Friday, October 18, 2024
Follow Us
ඕනෑම දඬුවමකට සූදානම් - හිස්බුල්ලා

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය අද නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලාගෙන් පැය 08ක පමණ කාලයක් ප්‍රශ්ණ කළා. ඒ, ඉකුත් අප්‍රේල් 22වන දින පොලිස් ඇඳිරි නීතිය බලපැවැත්වෙන අවස්ථාවේදී පාසිකුඩා ප්‍රදේශයේ හෝටලයකදී හිටපු ආණ්ඩුකාරවරයා සැකසහිත ලෙස අරාබි ජාතිකයින් දෙදෙනෙකු හමුවී සාකච්ඡාවක් පැවැත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන්.

..........................................

හිස්බුල්ලාගෙන් TIDයට පැය 08ක ප්‍රකාශයක්

(15-06-2019 19:26)

ප්‍රකාශයක් ලබා දිම සඳහා අද පෙරවරුවේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත පැමිණි නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා පැය 08ක පමණ කාලයකින් පසු ඉන් පිටව ගොස් තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ පෙරවරු 9.45ට පමණ පැමිණි හිටපු ආණ්ඩුකාරවරයා පස්වරු 5.45ට පමණ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයෙන් පිටව ගිය බවයි.

ඔහු සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා මෙලෙස පැමිණ තිබුණා. ඉකුත් අප්‍රේල් 22වන දින රාත්‍රී 10ට පමණ පොලිස් ඇඳිරි නීතිය බලපැවැත්වෙන අවස්ථාවේදී පාසිකුඩා ප්‍රදේශයේ හෝටලයකදී හිටපු ආණ්ඩුකාරවරයා සැකසහිත ලෙස අරාබි ජාතිකයින් දෙදෙනෙකු හමුවී සාකච්ඡාවක් පැවැත්වීම සම්බන්ධයෙන් අදාළ විමර්ශන සිදු කෙරෙනවා.

..................................

හිස්බුල්ලා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට

(15-06-2019 11:57)

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා අද පෙරවරුවේ ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත පැමිණියා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසුවේ ත‍්‍රස්ත විමර්ශන ඒකකය සිදුකරන විමර්ශනයකට අදාලව ප‍්‍රකාශයක් ලබාදීම සදහා හිටපු ආණ්ඩුකාරවරයා ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත පැමිණි බවයි.

ඉකුත් අපේ‍්‍රල් 22 වන දින රාතී‍්‍ර 10 ට පමණ ඇදිරි නීතිය බලපැවැත්වෙන අවස්ථාවේදී කල්කුඩා ප‍්‍රදේශයේ හෝටලයකදී සැක සහිත ලෙස අරාබි ජාතිකයන් දෙදෙනෙකු හමු වී සාකච්ඡාවක් පැවැත්වීම සම්බන්ධයෙන් අදාළ විමර්ශනය සිදුකෙරෙනවා.

හිටපු ආණ්ඩුකාරවරයා එම අරාබි ජාතියන් දෙදෙනා හමුවන අවස්ථාවේ සී සී ටී වී දර්ශනද ඉකුත්දා මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය කෙරුණා.

(Neth)