Sunday, January 18, 2026
Follow Us
මෛත්‍රී පසෙකට දමා රොෂාන් නායකත්වය ඉල්ලයි

මෙම මැතිවරණයට තරඟ කරන පොලොන්නරුව දිස්ත්‍රික් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායම් නායකයා ලෙස හිටපු රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහ මහතා නම් කරන්නැයි යෝජනාවක් සම්මත කරගෙන තිබේ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් බල මණ්ඩලය විසින් මෙම යෝජනාව සම්මත කරගෙන ඇති බව වාර්තාවේ.

හිටපු ඇමති රොෂාන් රණසිංහ මහතා සඳහන් කරන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තම ලයිස්තුවෙන් අපේක්‍ෂකත්වය දීම ගැන ගටුළුවක් නැතත් ඔහුට කණ්ඩායම නායකත්වය ලබාදිය නොහැකි බවය.

එමෙන්ම නාමයෝජනා අත්සන් කරන දිනයේ දී තමනට ඊට ආරාධනා නොකිරීම ගැන කණගාටුවන බවත් කණ්ඩායම් නායකයා ලෙස තමන් ඊට අත්සන් කළ යුතුව තිබූ බව ප්‍රදේශයේ ජනතාවගේ අදහස බවත් ඔහු කියා සිටියේ පොළොන්නරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

(Lanka Leads)