Sunday, January 18, 2026
Follow Us
අත්අඩංගුවට ගැනීමක් නෑ - රවී අධිකරණයේ සිට ගෙදර යයි

අද පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටි එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ඇතුළු පිරිස මේ වනවිට අධිකරණයෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

පසුගිය 06 වැනිදා රවී කරුණානායක මහතා ඇතුලු 10 දෙනෙකුට එරෙහිව වරෙන්තු නිකුත් කළ අතර ඉන් අත්අඩංගුවට පත්වූයේ එක් අයෙකු පමණි.

හිටපු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබූ නමුත් ඔහුව අත්අඩංගුවට ගැනීමට අසමත් විය.

මෙසේ තිබියදී අභියාචනාධිකරණය අද පෙරවරුවේ නියෝග කළේ රවී කරුණානායක මහතා ඇතුලු පිරිස අද පස්වරු 04 ට පෙර කොටුව මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ පෙනී සිටිය යුතු බවයි. ඊට අවනත වෙමින් කරුණානායක මහතා ඇතුලු වරෙන්තුකරුවන් පස් දෙනෙකු මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පෙනී සිට තිබේ.

(LNW)