Saturday, July 19, 2025
Follow Us
අගමැති – විජේවීරගේ පුත් උවිඳු අතර සාකච්ඡාවක් අද

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ හා ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර යන මහත්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී අද (13) පෙරවරුවේදී පැවැත්වීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

උවිඳු විජේවීර මහතා රුසියාවේ සිට එස්.යූ 6265 දරණ ගුවන් යානයෙන් අද පෙරවරු 9.05 මෙරටට පැමිණීමට නියමිත අතර ඉන් පසුව මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇතැයි වාර්තාවේ.

මහ මැතිවරණයට තරඟ කිරීමේ අරමුණින් මෙම සාකච්ඡා පැවැත්වෙනු ඇතැයිද වාර්තාවේ.

මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් කොළඹ දිස්ත්‍රික්කයට හෝ ගම්පහ දිස්ත්‍රික්කයට ඉදිරිපත්වීමට කැමැත්තෙන් පසුවන බවද දේශපාලන ආරංච් මාර්ග සඳහන් කරයි.

(Lanka Leads)