Saturday, July 19, 2025
Follow Us
ස්වාධීන කණ්ඩායම් 86 ක් තරගයට සූදානම් වෙයි

2020 මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීම වෙනුවෙන් ස්වාධීන කණ්ඩායම් 86 ක් පමණ ඊයේ දිනය වනවිට ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. ඊයේ දිනයේදී පමණක් ඇප තැන්පත් කර ඇති ස්වාධීන කණ්ඩායම් ප්‍රමාණය 27 කි.

මෙතෙක් වැඩිම ස්වාධීන කණ්ඩායමක් ප්‍රමාණයක් ඇප මුදල් තැන්පත් කර ඇත්තේ යාපනය දිස්ත්‍රික්කය සඳහායි. එම දිස්ත්‍රික්කය සඳහා කණ්ඩායම් 14 ක් ඇප මුදල් තැන්පත් කර තිබේ.

මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කය සඳහා කිසිදු ස්වාධීන කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කර නොමැති බව ද මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම අද (12) දිනයේ සිට ආරම්භ වේ.

(LNW)