දේශපාලනයේදී කැමති පුද්ගලයන් මෙන්ම අකමැති පුද්ගලයන්ද ලංකර ගැනීමට සිදුවන බවත්, ඇතැම් අවස්ථාවලදී සමාව දීමට වුවද සිදුවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.
පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ අගමැතිවරයා සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තබන අවස්ථාවේදී පොදුජන පෙරමුණේ ඇතැම් මැති ඇමතිවරුන් අකමැති පුද්ගලයන්ද ඒ අවස්ථාවට සහභාගි වූ බවත් එවැනි අවස්ථාවලදී අකමැත්තෙන් හෝ ඔවුන්ට කැමති වීමට සිදුවන බවත් බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.
පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා මේ බව සඳහන් කළේ ගම්පහ ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමිනි.
සමාව දීමට සිදුවන අවස්ථාවේදී සමාව දියයුතු බවත් එහෙත් සිදු වූ කිසිදු දෙයක් අමතක නොකර සිටීම වැදගත් බවත් රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා. සියල්ල අමතක කර ගමනක් යා නොහැකි බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
(LNW)