Friday, October 18, 2024
Follow Us
රතන හිමිගෙන් සිංහල - දෙමළ ඒකාබද්ධ වෙළඳ පෙරමුණක්

ඉස්ලාම් අන්තවාදයට එරෙහිව සිංහල - දෙමළ ඒකාබද්ධ වෙළඳ පෙරමුණක් ගොඩනැඟීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පවසයි.

සිංහල සහ දෙමළ දෙපාර්ශ්වය එකතු වුවහොත් එකතුව 90%ක් වන බවත් එවිට ඉතිරි 10%ට ඔවුන් බිය විය යුතු නොමැති බවත් එහිමි සඳහන් කළේය.

රතන හිමි මේ බව සඳහන් කළේ යාපනය ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

ජාතිවාදය අවුළුවන බොහෝ ව්‍යාපාර පසුපස ඇත්තේ තනිකරම ව්‍යාපාරික අරමුණු බවත් මේවායේ ඉදිරි පෙළ නියෝජිතයින් ලෙස කටයුතු කරන්නන් එලෙස කරන්නේ කෝටි ගණන් සල්ලි මලු සඳහා බවත් අපි නොයෙක්වර පැවසූයෙමු.

දැන් අතුරලියේ රතන හිමියන් විසින්ම බළලා මල්ලෙන් එළියට දමා තිබේ.

උතුරේ දෙමළ ජනතාවගේ හිස් මතට බර අවිවලින් පහරදීම සඳහා බල කළ රතන හිමිලා අද නැගෙනහිර මුසල්මානුවාට පහර ගැසීම සඳහා එක්වන්නැයි ඒ දෙමළාටම ආරාධනා කර සිටී. එදා දෙමළාට පහරදෙන විට මුසල්මානුවා සිටියේ රතන හිමිලා ප්‍රමුඛ සිංහලයා සමඟ එක්ව සිටගෙනය. නම්, තැන්, චරිත වෙනස් වෙමින් වුව ද ඉතිහාසය පුනරාවර්තනය වෙමින් පවතී.

රතන හිමිලා කැමති කැමති කඩවලට ඔවුන්ගේ අනුගාමිකයින් යවන එක වෙනම කතාවකි. එහෙත් මේවා කෙළවර වන්නේ කඩත් කඩා, ගිනිත් තබා, ලේත් වැගිරවීමෙනි. පරම්පරා ගණනකට විඳවන්නට වන ප්‍රශ්නය ඇත්තේ එතැනය.

(LNW)