Friday, October 18, 2024
Follow Us
ජනපති අපේක්ෂක නම හෙළි කරන දිනය අත ළඟ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සැප්තැම්බර් මුල් සතියේ පැවැත්වෙන ප්‍රථම සම්මේලනයේදී රට හමුවේ හෙළි කරන බව එහි ප්‍රබලයෙක් සඳහන් කළේය.

මේ වනවිට රටම ඉල්ලා සිටින්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බවද ඔහු සඳහන් කළේය.

ඊට අමතරව තවත් පිරිසක් හිටපු කථානායක චමල් රාජපක්ෂගේ නමද යෝජනා කරන බවද එම ප්‍රබලයා සඳහන් කරයි.
කෙසේ වෙතත් ඊළඟ ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා රාජපක්ෂ කෙනෙක්ද එසේ නොවන්නේ නම් වෙනත් අයෙක්ද යන්න මහා සම්මේලනයේදී හෙළි කරන බව සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නොවන බවයි.

(Aruna)