Thursday, July 17, 2025
Follow Us
මාලිමාව නාමයෝජනා භාර දෙන්න සූදානම්

එළඹෙන මහ මැතිවරණය සඳහා මාලිමාව ලකුණ යටතේ ජාතික ජන බලවේගය ලෙස තරග කිරීමට ලබන 17 වැනිදා සිට නාම යෝජනා භාර දෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

ජාතික ජන බලවේගයේ ප‍්‍රධාන ලේකම් ලක්ෂ්මන් නිපුනආරච්චි ලබන 16 වැනිදා මෙම නාම යෝජනා සඳහා අත්සන් තැබීමට නියමිතයි.

මෙවර මහ මැතිවරණයේදී මාලිමාව ලකුණ යටතේ ජාතික ජන බලවේගය ලෙස මැතිවරණ දිස්ති‍්‍රක්ක 22 සඳහාම තරග කරන බවද ජනතා විමුක්ති පෙරමුණ පැවසුවා. නාමයෝජනා සකස් කිරීම මේ වන විට අවසන් අදියරේ පවතින බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

(Neth)