Friday, October 18, 2024
Follow Us
සාලි, හිස්බුල්ලා සහ රිෂාඩ් බදියුදීන් ඇතුලු පිරිසේ ආරක්ෂාව තවමත්

ධූරවලින් ඉල්ලා අස්වූ අමාත්‍යවරුන්ට සහ ආණ්ඩුකාරවරුන්ට ලබා දී තිබූ ආරක්ෂාව මෙතෙක් ඉවත් කර නොමැති බව වාර්තා වනවා.

ඔවුන්ට ලබා දී ඇති ආරක්ෂක නිලධාරීන් ඉවත්කරනවාද නැද්ද යන්න තීරණය කරනු ලබන්නේ ආරක්ෂක කවුන්සිල රැස්වීමේදීයි. ඒ අනුව මීළඟ ආරක්ෂක කවුන්සිල රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බවයි වාර්තා වන්නේ.

තජිකිස්ථානයේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හෙට දිවයිනට පැමිණිමට නියමිත අතර ජනාධිපතිවරයා පැමිණීමෙන් පසු මීළඟ ආරක්ෂක කවුන්සිල රැස්වීම පැවැත්වීමට නියමිතයි.

(Neth)