ඊයේ (09) පෙරවරුවේ පැවති සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට රාජිත සේනාරත්න මහතා ද එක්ව සිටියේය.
කලක් රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ප්‍රබලයෙකු වූ රාජිත සේනාරත්න මහතා එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු කිරීම වෙනුවෙන් මැදිහත්ව කටයුතු කළ ප්‍රධාන චරිතයක් ද විය.
එසේම පසුගිය එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩු සමයේදී ජනතාවට සහන දෙමින් ඉහළම වැඩ කොටසක් කළ අමාත්‍යවරයකු ලෙස ද රාජිත සේනාරත්න මහතා ඉදිරියෙන්ම සිටී. දේශපාලන පෙරළි ගණනාවකට සම්බන්ධ වූ අත්දැකීම් සහිත පරිණත දේශපාලනඥයකු වශයෙන් ඒ මහතා සජිත් ප්‍රේමදාස මහතාගේ පක්ෂයේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීම යනු රැල්ල හරවන සිදුවීමක් බවයි දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ.
මේ අතර උත්සවයෙන් අනතුරුව පිටව යන මොහොතේ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් ඒ මහතා සඳහන් කළේ සිරිකොත එජාප මූලස්ථානයේ නාමයෝජනා කැඳවීමක් සිදුනොවනු ඇති බවත් දෙපාර්ශ්වයම එක්ව එකම ඡන්ද ලකුණකින් තරග වදිනු ඇති බවත්ය.
(LNW)