Thursday, July 17, 2025
Follow Us
රවි සඟවාගෙන ඉන්නේ ජේ.වී.පී.යයි

මහ බැංකු බැඳුම්කර වංචාව සිදුවූ සමයේ විරුද්ධවාදීන් සිරගත කිරීමට සැලසුම් සකස් කළ ජනතා විමුක්ති පෙරමුණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක සඟවාගෙන ඇති බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සැක පහළ කරයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අත්අඩංගුවට පත්වීම වැළැක්වීම පිණිස වත්මන් රජයේ ප්‍රබලයෙකුගේ ආරක්ෂාව යටතේ සැඟව සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක පෙරේදා (08 වැනිදා) පැවසුවේය. එම ප්‍රකාශය සම්බන්ධයෙන් ‘අරුණ’ට විශේෂ ප්‍රකාශයක් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඊයේ (09 වැනිදා) පැවැසුවේ පසුගිය රජය සමයේ සිදුවූ වංචා දූෂණ හෙළිදරව් වනු ඇතැයි බලාපොරොත්තුවෙන් ජනතා විමුක්ති පෙරමුණ හිටපු මන්ත්‍රීවරයා සඟවාගෙන ඇති බවයි. පසුගිය රජය සමයේ ජනතා විමුක්ති පෙරමුණද එහි ප්‍රබල භූමිකාවක් රඟපෑ බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

(Lanka Leads)