Thursday, July 17, 2025
Follow Us
අදින් පසු ලකුණු මාරු බෑ: අලියද-හංසයාද 4ට කලින්

දෙපිල ‌බෙදී ඇති එක්සත් ජාතික පක්ෂය ඉදිරි මහමැතිවරණයට තරග කරන ලකුණ සම්බන්ධයෙන් අද (09) සවස 4 වනවිට අවසන් තීන්දුවක් ගත යුතු බව වාර්තා ‌වේ.

අද දිනයෙන් පසු මැතිවරණ නීතිය යටතේ ලකුණ මාරු කිරීමට නීතියෙන් ඉඩක් ‌නොලැබීම ඒ සදහා ‌හේතු වී තිබේ.

මේ වනවිට තරග කරන ලකුණ සම්බන්ධයෙන් වික්‍රමසිංහ පිල හා ‌ප්‍රේමදාස පාර්ශ්වය සාකච්ජා වට කිහිපයක් පවත්වා තිබුණද තවමත් ඒ පිළිබද අවසන් තීන්දුවක් ‌ගෙන ‌නොමැත.

ඊ‌යේ දින කරු ජයසූරිය මහතාගේ නිවෙසේ ඒ සම්බන්ධයෙන් තවත් සාකච්ජාවක් පැවැත්වුණද අවසන් තීන්දුවකින් ‌තොරව එයද නිමා වී තිබේ.

ඒ අනුව එකගතාවක් ඇති කරගත ‌නොහැකි වුවහොත් ‌බොහෝ දුරට එජාපය අලිය ලකුණ යටතේද ‌ප්‍රේමදාස පාර්ශ්වය දුරකතනය යටතේද තරග කිරීමට නියමිත බව පැවසේ.

(Lanka Leads)