එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී තම සන්ධානය මාළුවා ලකුණින් තරඟ කිරීමට නියමිත බව උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය හා දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක සි.වි.විග්නේශ්වරන් පවසනවා.
ඔහු පැවසූවේ තෛපොංගල් මුටිටිය ලකුණ යටතේ සිය සන්ධානය ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වීමට සුදානමින් සිටි බවයි. දෙමළ ජනතා ජාතික සන්ධානයට එක්වූ පක්ෂ කිහිපයක නායකයින් හා සිවිල් සංවිධානවල ඉල්ලීම පරිදි නව සන්ධානය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට මාළුවා ලකුණෙන් තරග වැදීමට තීරණය කළ බවයි සී වී විග්නේෂ්වරන් පැවසුවේ.
දෙමළ ජාතික සන්ධානයට එරෙහිව උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන්ගේ නායකත්වයෙන් ගොඩනැගුණු දෙමළ ජනතා ජාතික සන්ධානයේ පක්ෂ ඉකුත් මස 09 වැනිදා සන්ධානගත ගිවිසුමකට අත්සන් තැබුවා.
උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍යවරයා නායකත්වය දරණ දෙමළ මහජන සභාව සංවිධානය, සුරේෂ් පේ‍්‍රමචන්ද්‍ර නායකත්වය දරන ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂයද මෙම සන්ධානය සමග ගිවිසුම් ගත වුණා.
ඊට අමතරව උතුරු පළාත් හිටපු අමාත්‍ය ආනන්දි සෂිදරන් නායකත්වය දරණ ඊළාම් දෙමළ ස්වාධීන පක්ෂය හා ටෙලෝ පක්ෂයෙන් ඉවත්වු ටෙලෝ පක්ෂයේ හිටපු ලේකම් වු එස්. ශී‍්‍රකාන්ත නායකත්වය දරණ දෙමළ ජනතා පක්ෂය අදාළ ගිවිසුමට අත්සන් කර තිබෙනවා.
සී වී විග්නේශ්වරන් පැවසුවේ දෙමළ ජනතාවගේ ගැටළු වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය හරහා විසදුම් නොලැබෙන බැවින් තමන් මෙම නව සන්ධානය බිහි කිරීමට කටයුතු කළ බවයි. ඒ හරහා ඉදිරි මහ මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයට අභියෝගයක්වීමට සිය නව සන්ධානය සුදානම් බවයි ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.
(Neth)