Wednesday, July 16, 2025
Follow Us
රහස් පොලිසි මගහැර රවී රෝහල් ගත වෙයි?

ආන්දෝලනාත්මක මහ බැංකු බැදුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් වන චෝදනා මත වරෙන්තු ලැබ සිටන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා රෝහල් ගතවීමේ සුදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

රවී කරුණානායක මහතා හෙට දිනයේ රෝහල් ගතවී අනිද්දා සිය නිතිඥයින් මගින් අධිකරණයට භාරවීමේ සුදානමකින් පසුවන බවයි වාර්තා වන්නේ.

කරුණානායක මහතා අත්ඩඅංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කෙරුණේ පසුගිය සිකුරාදා දිනයේදීයි.

කෙසේවෙතත් මේ වන තෙක් ඔහුව අත්අඩංගුවට ගැනිමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකිවී නැහැ.

පාර්ලිමේන්තුව ආසන්නයේ රජමල්වත්ත ප්‍රදේශයේ සහ බත්තරමුල්ලේ පිහිටි ඔහුගේ නිවෙස් වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අවස්ථා කිහිපයකදී පැමිණ තිබුණ ද රවී කරුණානායක මහතා එම නිවෙසන් වල නොසිටි බව දැනගන්නට ලැබී ඇත.

නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම ප්‍රශ්නගත බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් රවී කරුණානායක මහතා අතුලු 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණා.

(Lanka Leads)