Wednesday, July 16, 2025
Follow Us
මිල සූත්‍රය තිබුණා නම් පෙට්‍රල් 117ටත් ඩීසල් 84ටත් දෙන්න තිබුණා - මංගල

තමන් මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ නම් ඉන්ධන මිල සූත්‍රය අනුව මාර්තු 10 වනදා වනවිට පෙට්‍රල් ලීටරයක් රුපියල් 117 දක්වාත් ඩීසල් ලීටරයක් රුපියල් 84 දක්වාත් අඩු කිරීමට හැකියාව පැවති බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ට්විටර් පණිවිඩයක් මඟින් ඒ මහතා පෙන්වා දෙන්නේ තම ආණ්ඩු සමයේ සිට මේ වනවිට බොරතෙල් බැරලයක මිල ඇමරිකන් ඩොලර් 65 සිට 45 දක්වා අඩුවී ඇති බවයි.

මේ වනවිට ශ්‍රී ලංකාවේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 137ක් වන අතර ඩීසල් ලීටරයක මිල රුපියල් 104ක් වේ.

(LNW)